May 20, 2024

සමන්ත විද්‍යාරත්න FCIDට කැඳවයි

September 03, 2015

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හෙට(04) පෙරවරු 9.00ට පැමිණෙන ලෙස තමන්ට දන්වා ඇති බව ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මහියංගණය ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම, මහියංගණය නගරයේ කඩකාමර අයථා ලෙස හිතවතුන්ට පවරාදීම හා ව්‍යාපාරිකයින් බිය වැද්දීම යන චෝදනා යටතේ ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදානගම මහතාට එරෙහිව තමන් මීට මාස 2කට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බව ඔහු පැවසී ය.

ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු හා මහියංගනය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස පසුගිය පාලන කාලයේ කටයුතු කළ අනුර විදානගම මහතාගේ විසින් කළ මුල්‍ය අපරාධයක් පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා කළ පැමිණිල්ලකට අනුව පැමිණිලි පාර්ශවයේ කට උත්තරයක් ලබාගැනීම සඳහා සමන්ත විද්‍යාරත්න මහතාට හෙට පෙ.ව 9.00ට කොළඹ කොල්ලුපිටිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා ඇත.

පසුගිය මහ මැතිවරණයේදී සමන්ත විද්‍යාරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ කළේය.

Rate this item
(1 Vote)