May 19, 2024

ක්‍රිකට් මුල් පුටුවට අර්ජුන එන ලකුණු 

September 03, 2015

ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධූරය සඳහා තරඟ කිරීමේ අදහස පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඉන්දීය ද ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන්ද තමන්ට ඒ සඳහා ආරාධනා ලැබුණු බවත් ඒනිසා ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබේ.

තමන් ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධූරයට පත් වුවහොත් එහි ප්‍රතිසංස්කරණ කර දූෂණය නැති කරන බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දූෂණය පිටු දැකීමට කටයුතු කරන සමයක අනෙකුත් ආයතන ඒ මාර්ගයේ ගමන් කළ යුතු බවත් පැවසී ය. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා මෙවර තේරීම් කමිටුවේ සභාපති ධූරයට තරග නොකරන බව ප්‍රකාශ කර තිබේ.

Rate this item
(1 Vote)