May 19, 2024

මළ සිරුරු වල දැමීමට පරන මිනී ගොඩ දාන සුසාන භූමියක් (PHOTOS)

September 03, 2015

පානදුර ප්‍රාදේශීය සභාව යටතේ ක්‍රියාත්මකවන දිග්බැද්ද පොදු සුසාන භූමියේ භූමිදාන කරන මෘතශරීර දිරාපත්වීමටත් ප්‍රථම ගොඩ දමා තවත් මළ සිරුරු භූමිදාන කරන බව එහි සේවකයින් කටයුතු කරන බව වාර්තාවේ. 

මෙම සුසාන භූමිය අක්කරයක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වුව ද පර්චස් 15 ක පමණ භූමි ප්‍රමාණයක් එළි පෙහෙළි කර මළ සිරුරු භූමිදාන කිරීමට යොදා ගනී.

නිතර භාවිතයට ගනු ලබන භූමි ප්‍රදේශය අසල විශාල ගස් 02 ක් ඇති බැවින් එහි සේවකයින්ගේ පහසුව තකා සෙවණ සහිත මෙම ස්ථානයේ වලවල් කැපීම ලෙහෙසි බැවින් එම ස්ථානයම නිරත භාවිතයට ගන්නා බව වාර්තා වේ. 

භූමිදාන කර ඇති මළ සිරුරු ගොඩ දමා තිබිය දී සතුන් පැමිණ ඒවා ඇද දමන බවත් එය පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවක් බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

කළුතර - බිමල් ශ්‍යාමන්

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2015 14:15