May 19, 2024

ගෝඨා, දුමින්ද ඇතුළු පිරිසක් ජනපති කොමිසමට එයි (PHOTOS)

September 03, 2015

රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ සේවකයන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවට අද (03) පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේය.

මීට අමතරව දේශපාලනඥයින් වන දුමින්ද සිල්වා, රෝහිත බෝගොල්ලාගම, ධනසිරි අමරතුංග යන අයද පැමිණ සිටියහ.

බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා අදාළ කොමිසම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ විශේෂ ස්ථානයක විනිසුරුවරුන් 5 ක් යටතේ අදාළ පරීක්ෂණ සිදු කරනු ලබයි.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)