May 19, 2024

ජනපතිගේ 64 වැනි ජන්ම දිනය අද

September 03, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 64 වැනි ජන්ම දිනය අදට (03)  යෙදී තිබේ.

2015 ජනවාරි මස 08 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර මෙරට ජනාධිපතිධුරයට පත්වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් අනතුරු ව සමරන පළමු ජන්ම දිනය මෙය වේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන හා ආගමික ස්ථානවල පින්කම් රැසක් සංවිධානය කර තිබේ.

1951 වසරේ සැප්තැම්බර් මස 03 වැනි දා ගම්පහ, යාගොඩ ග්‍රාමයේ දී උපත ලැබූ ඔහු 1971 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසුනේ ය.

1989 වසරේ දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 1994 වසරේ දී නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් වැඩ භාරගනු ලැබී ය.

 

 

Rate this item
(0 votes)