13 හැවිරිදි දැරියකට ලිංගික අතවර සිදු කළ බස් රියදුරෙකු හා සහකයෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 25 වැනි දා සවස 6ත් රාත්‍රී 8ත් අතර හෝමාගම ඩිපෝව තුළදී මෙම අතවරය සිදුව ඇත.
අදාළ දැරිය මේ පිළිබඳව පොලීසිය වෙත දැනුම් දී ඇති අතර සිද්ධියට සම්බන්ධ බව කියන රියදුරු හා සහයකයා ඊයේ (02) හෝමාගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ.