බදුල්ල - වැලිමඩ මාර්ගයේ හාලිඇළ ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් අඩි 70 ක පමණ ප්‍රපාතයකට පෙරලී ගඟකට වැටී සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් එම ත්‍රීරෝද රථයේ ගමන් කර ඇති අතර රියැදුරුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
වේගය පාලනය කරගත නොහැකි ව මෙම අනතුර සිදු ව ඇති බව බදුල්ල පොලීසිය සඳහන් කරයි.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක