පොළොන්නරුව, කඳුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගණයේදී අද (02) පස්වරු 2ට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
මෙම සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස පක්ෂයේ හිටපු නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ද ආරාධනා කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන පක්ෂයේ පළමු සංවත්සර උත්සවය මෙයයි.