May 18, 2024

පැරදුණු එස්.බී.ට නව තනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව ගත් ඒකමතික තීරණයකට අනුව එම පක්ෂයේ නව භාණ්ඩාගාරිකවරයා ලෙස එස්.බී. දිසානායක මහතා පත් කර තිබේ.
 
මින් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ එස් බී නාවින්න මහතා මෙවර මහ මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයට එක් වුණු අතර ඉන් පුරප්පාඩු වූ භාණ්ඩාගාරික තනතුර මෙලෙස එස් බී දිසානායක මහතාට පවරා ඇත.

හිටපු අමාත්‍යවරයෙකු ද වූ දිසානායක මහතා මෙවර මහ මැතිවරණයේ දී පරාජය විය.

Rate this item
(1 Vote)