වත්මන් පාලනයට එරෙහිව විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලය අද (14) පැවැත්වෙන්නේ හයවන දිනටයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන අද දිනයේ දී, උදා වූ අලුත් අවුරුද්ද සමරන්නට විරෝධතාවයට එක්ව සිටින විරෝධතාකරුවන් අමතක කළේ නැහැ.
කිරි උතුරවා කැවුම් කිරිබත් කා විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද සමරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකියාව ලැබුණා.
මේ අතර ගාලුමුවදොර පැවැත්වෙන මෙම ජන අරගලයට, සුභාවිත ගීතයේ ශ්‍රී ලාංකේය සලකුණ වන ආචාර්ය වික්ටර් රත්නායක මහතා ද අද එක්ව සිටියා.
විරෝධතාවයට සහාය පළකිරීම සඳහා මෙරට විවිධ ක්ෂේත්රවල නියැලෙන විශිෂ්ඨ පුද්ගලයින් විවිධ අවස්ථාවල දී විරෝධතා භූමියට පසුගිය දින කිහිපය තුළම පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා.