May 06, 2024

"කවදාවත් ගැහැණියෙක්ට ළමයි නෑ කියලා අපහාස කරන්න එපා - ඒ පව ගෙවන්න බෑ" - ශෙරිල් ඩෙකර් සංවේදී වෙයි

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව කාලයක් හැමෝගෙම ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ.

ඇත්තෙන්ම තමන්ටම ආවේණික වු රංගන හැකියාවක් ඇති ඇයට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වීමට ගතවෙන්නේ ඉතාමත් කෙටි කාලයක්.

ඒ බව රහසක් නොවෙයි.

මේ අතර ඇයව අපට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවනි.

කොහොම නමුත් ඇගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘අමා’ කියන ටෙලි නාට්‍යයටයි.

ඇය මෙම ටෙලි නිර්මාණයේ අමා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දුන්නු අතර මේ චරිතයට ලාංකීය ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් හිමි වුණා.

කොහොම නමුත් ශෙරිල් මෙම නිර්මාණයේ ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීම නිසාවෙන් ඇයට වෙනම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා.

එලෙස කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වන ඇය ටික කාලයක් යන විට විවාහ දිවියට ඇතුළත් වෙනවා.

ඒ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායකයකු වන රුවන් හෙට්ටිආරච්චි එක්කයි.

ඉතින් මේ ආදරණීය යුවළ විවාහ වෙලා දැන් අවුරුදු ගාණක් ගත වෙලා.

ඇය සමාජ මාධ්‍ය වලට විවිධ පින්තූර එකතු කරද්දී බොහෝ දෙනෙක් අහනවලු තාම දරුවෙක් නැද්ද කියන දේ.

ඒ වගේම විශේෂයෙන් ගැහැණු පාර්ශවය බොහෝ දෙනෙක් ළමයෙක් හදන්න නැද්ද කියලා ඇයට විවිධාකාරයේ දෝෂාරෝපණ එල්ල කරනවා කියලා ශෙරිල් ඉතාමත් සංවේගයෙන් අදහස් ඉදිරිපත් කළා.

නමුත් ඇය යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට සම්බන්ධ වෙලා මේ වෙන තෙක් දරුවෙක් නෑ නේද කියලා දෝෂාරෝපණය කරපු කිසි කෙනෙක් නොදන්න ඇගේ ජීවිතය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

ඇය ඒ අවස්ථාවේදී කවුරුත් නොදන්න ඒ කතාව පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියට.

“ඇත්තටම කියනවා නම් මම වැඩියෙන්ම සතුටු වුණු දවස මම pregnet වුණු දවස. දෙවියෝ ඒක මට දුන්නා. නමුත් මොනවා හරි හේතුවක් නිසා දෙවියෝ ඒක ආපහු ගත්තා. ඉතිං එහෙම උනහම දුකක් නෑ කියලා කියන්න බැහැ. දුකක් තියනවා. ඉතින් ඒ දේ දෙපාරක් වුණා.

මම ඉතින් මේක බලන් ඉන්න අයට දෙයක් කියන්න ඕනේ. ගොඩක් ෆේස්බුක් එකේ මං ගැන දන්න නැති මගේ ජීවිතේ ගැන දන්නැති ගොඩක් අය මට අපහාස කරනවා. මම ඒ අයත් එක්ක තරහ නෑ මම ඒවට ෆේස් කරනවා. ඒ අයට මම කියන්න ඕනි ඒවා කියනවා.

මමත් අම්මා කෙනෙක් වුණු කෙනෙක් දන්නැතුව  කිසිම වෙලාවක ඇඟිල්ලක් දික් කරන්න එපා ගෑණියෙක්ට. විශේෂයෙන් පිරිමියෙක්ට වඩා ගෑනියෙක්ට ගෑනියෙක් තමයි වළ කපන්නේ. කිසිම දෙයක් දන්නැතුව කතා කරන්න එපා. කෙනෙක් බැන්දට පස්සේ ඒ කෙනාට අවශ්‍ය නම් ලමයෙක් හදයි. ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත. සමාජයට ඕන විදිහට අපිට ජීවත් වෙන්න බැහැ”

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 April 2022 10:48