April 29, 2024

පොලීසිය පෝලිම්වල ඉන්න ජනතාවට අයිස්ක්‍රීම් බෙදයි

මේ දිනවල පවතින අධික අව් රශ්මිය දරාගත නොහැකි තරම්.

එසේ වුවද අවශ්‍යාතාවයන් සඳහා ජනතාව නිවසින් පිටතට යායුතුම වෙනවා.

බොහෝ පිරිසක් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටිනු දක්නට අයුරු හැම තැනින්ම දක්නට ලැබෙනවා.

මෙවන් අවස්ථාවල පොලිසිය සමගද ජනතාව ගැටුම් ඇති කර ගන්නා අයුරුද දක්නට ලැබෙනවා.

වීරකැටිය නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසලින් ගමන්ගත් වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් මහතා ජනතාව දැඩි අව් රශ්මිය නොතකා පෝලිමේ රැදී සිටිනු දැක එම ස්ථානයට පැමිණ අසළ වෙළඳසැලකින් අයිස් ක‍්‍රීම් ගෙන්වා පැමිණි පිරිසට බෙදා දීමට කටයුතු කර තිබෙනවා.

එය එහි සිටි කාගේත් ප‍්‍රශංසාවට ලක් වී තිබෙනවා.

Rate this item
(0 votes)