රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ඩෝරා නමැති සිංහ පැටවා රැකබලා ගැනීමත් සමඟ ප්‍රියසාද් ඉදිරිවර්ණ මහතා ඉතා ජනප්‍රියතාවයට ලක්වී සිටිනවා.
පසුගියදා ඩෝරා පැටවා බැලීමට යාමේදී රිදියගම සෆාරි උද්‍යානය තුළදී පශු වෛද්‍ය ප්‍රියසාද් ඉදිරිවර්ණ එම ආයතනයේ සේවකයන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
රාත්‍රී කාලයේ රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කරන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා සඳහන් කරනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ සත්වෝද්‍යානය තුළ ඝාතනය කරන සතුන් මුදලට අලෙවි කරන බවයි.
එහි සිදුවන වංචා සහ දූෂණ පිළිබඳව ඉදිරියේදී හෙළි කරන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
තමන් තවදුරටත් සේවය කරනවා ද යන්න තීරණය කරන්නේ පහරදීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළහොත් පමණක් බවද පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා සිය වීඩියෝවේ සඳහන් කර තිබුණා.