ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරගයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට ගල්කිස්ස අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
2021 වර්ෂයේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජින කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමි වූ අතර අනතුරුව ඇති වූ සිද්ධියක් නිසා සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා විසින් එම කිරුළ සහ පුෂ්පිකාට හිමි මිසිස් ශ්‍රී ලංකා සන්නායම ද අහිමි කරවනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව කියමින් පුෂ්පිකා මහත්මිය ඇගේ නීතිඥයින් මාර්ගයෙන් චන්දිමාල් ජයසිංහ වෙත ලිපියක් ද යොමු කර තිබුණා.
කෙසේ වෙතත් මෙම ලිපියට පිළිතුරක් නොමැති වූ හෙයින් පුෂ්පිකා මහත්මිය විසින් නඩුවක් පවරා ඇති අතර අනතුරුව ගල්කිස්ස දිසා අධිකරණය මඟින් අදාළ වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.