April 28, 2024

දෙපා වාරු නැතත් පස් වරක් සිරිපා කරුණා කළ උපුල්ට ගෞරව සම්මානයක්

සිරුරේ කිසිදු අ ඩුපාඩුවක් නොමැති ඇතැමුන් විවිධ හේතු නිසා ජීවිතය අ ත්හරිද්දී දෙපා වාරු නැතිව අභියෝග ජයගත් තරුණයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

30 හැවිරිදි උපුල් රංජිත් වන ඔහු, දෙපා නොමැතිව වුවත් පස් වරක්ම සිරිපා කරුණා කර තිබීම ද විශේෂත්වයක්.

මෙවර ඔහු සිරිපා කරුණා කරන්නේ, තවත් ආබාධ සහිත පිරිසකට නඩේ ගුරා වෙමිනි.

දෙපයට වාරු ඇති දෙනෝදාහක් අතරේ ඔහු සිරිපා කරුණා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

උපතින්ම ආ බාධ සහිතව මෙළොව එළිය දුටු උපුල් සිය ආ බාධිත තත්ත්වය කිසිදු දිනක ජීවීත ගමනට බාධාවක් කරගෙන තිබුණේ නැහැ.

ඒ අනුව මෙතෙක් පැමිණි ගමන් මඟ සහ ලැබූ ජයග්‍රහණය අගයමින් සමර ශ්‍රී දඩල්ලගේ සංස්කෘතික සුබ සාධන කලා සංගමය මගින් සංවිධානය කෙරුණු GLOBAL VISION CULTURE AWARDS හිදී ඔහුට දේශබන්දු සහ දේශශක්ති ගෞරවාභිමානී සම්මානය පිරිනමා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 09:31