May 21, 2024

"ඒ ෆොටෝ ෂූට් එකෙන් සංස්කෘතියට හානියක් වුණේ නැහැ" - පබා යළි කරළියට

February 22, 2022

අපේ කලා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සුවිශේෂ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ.

ඇයව අපට කාලයක් නර්තන වේදිකාව තුළින් වගේම ගායන වේදිකාව තුළත් දැකගන්නට ලැබුණා.

ඒ වගේම ඇය තවත් කාලයක් වෙනස් මඟක යෙදෙමින් දේශපාලන වේදිකාව තුළද ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.

කොහොම නමුත් රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරය දිනාගත් ඇය අදටත් ප්‍රේක්ෂක හදවත් තුල ලැඟුම් ගෙන තිබෙන්නේ උපේක්ෂා කියනවාට වඩා පබා කියන නමිනුයි.

ඇය සිය විවාහයට සමුදීලා දියණියත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරනවා.

 වර්තමානයේ අපට ඇයව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පානාමංකඩ ටෙලිනාට්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. 

පසුගිය දිනක උපේක්ෂා reffealla fernando celebrity calander නිර්මාණය කිරීම සඳහා සරාගී ඡායාරූප කිහිපයකට පෙනී සිටිනවා.

එම ඡායාරූප කීපය සමාජ මාධ්‍ය ඔස්සේ නොසිතූ විදියට විදිහට ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

ගොඩක් දෙනෙක් ඇයගේ ඡායාරූප වලට හොඳ අදහස් දක්වලා තිබුණා.

ඒ වගේම සමහරක් දෙනා මේ දේවල් නිසා සංස්කෘතිය විනාශ වෙනවා කියන අදහස ප්‍රකාශ කළා.

ඉතින් ඒ පිළිබඳව පුවත්පතකට උපේක්ෂා අදහස් දක්වලා තිබුනේ මෙන්න මෙහෙමයි.

”සංස්කෘතිය වගේ කරුණු අල්ලගෙන සමහරක් දෙනා මේ ෆොටෝ එක ප්‍රශ්නයක් කර ගත්තා. නමුත් ඒකෙන් සංස්කෘතියට හානියක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් ලංකාවේ මේ වගේ දෙයක් කරන්න්නේ ඉතාමත් කලාතුරකින්. ඒ නිසා ඒ අවස්ථාවන් රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට අනිවාර්යෙන්ම හිමි විය යුතුයි.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 09:19