May 21, 2024

"අපි ගොන්නු නෙවෙයි මහත්තයෝ" - සෙරෙප්පු දාපු පොලිස් නිලධාරියාට තරුණයෙකු බැණ වදී (VIDEO)

February 21, 2022

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී රථවාහන පොලිසියේ නිලධාරීන් හා තරුණයකු අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවක් සිදුවන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහිදී එක් රථවාහන නිලධාරියකු සිය නිල ඇදුම ඇද සෙරෙප්පු පැලදගෙන රාජකාරී කරන ආකාරය තරුණයාගේ දැඩි විවේචනයට ලක් වෙනවා.

එහි සිටි තරුණයා පොලිස් නිලධාරීන්ට චෝදනා කරන්නේ තමන් කිසිදු වරදක් නොකළ බවටයි.

ඔහු එහිදී කියා සිටින්නේ,

"අතපය තියන්න ලෑස්ති වෙන්න එපා හොදේ. මගේ ෆෝන් එකෙන් වීඩියෝ කළාම ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඔයා උසාවි දාන්න ප්‍රශ්නයක් තියෙනවා නම්. අතපය තියන්න එන්න එපා. ඔයාට පුළුවන් දෙයක් කරන්න. සෙරෙප්පු දාගෙන රාජකාරි කරන සුපිරි නිලධාරීන්. අනිත් එවුන් ගොන්නු වුණාට අපි ගොන්නු නෙවෙයි. ඔයා ගිහින් ඔය පාට් දාන්න ගොන්නු ඇඹිලිපිටියේ ඉගෙන ගත්ත නැති එවුන්ට. අපිට ඒ පාට් වැඩක් නැහැ. ඒක මතක තියා ගන්න. උසාවි යමු මට සල්ලි ප්‍රශ්නයක් නැහැ. වැරදි නම් මෙච්චර වෙලා රස්තියාදු කරන්න එපා. ඕක ඉක්මණට ලියලා දෙන්න මම වැඩකට යන්නේ."

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 14:28