May 21, 2024

"ආදරණීය ප්‍රේක්ෂකයන් නැවත වතාවක් රංගනයෙන් පිනවන්න සුදානම්" - ගිරිරාජ්ගෙන් සුබ පණිවිඩයක්

February 20, 2022

ගිරිරාජ් කෞශල්‍ය කියන නම ඔබට ගොඩක් හුරු පුරුදුයි.

අපි එහෙම කියන්නේ ඔහු රංගන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජබෙන රංගන ශිල්පියෙක් නිසා.

ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු සිකුරු හතේ. සුහද කොකා වැනි චිත්‍රපටය අදටත් ප්‍රේක්ෂක හදවත් වල නොමැකෙන මතක සටහන් රැසක් නිර්මාණය කර අවසන්.

ඔහු මෑතක රඟපෑ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය හැමෝගම ආදරයට වගේම කතාබහට ලක් වුණා.

එහි ඔහුගේ චරිතය වෙනදාට රඟ දක්වන චරිතවලට හාත්පසින්ම වෙනස් චරිතයක්.

ඒ චරිතයේ නම තමයි "කුකුළා මුදලාලි". 

ඔහු එම නාට්‍යයට ඉතාමත් සාධාරණයක් ඉෂ්ඨ කළා. ඒ ඔහු පරිණත රංගන ශිල්පියෙක් නිසාම විය යුතුයි.

නමුත් ටෙලිනාට්‍යයට අනුව කුකුලා මුදලාලි සිරගත වෙන්නේ ගිරිරාජ් කෞශල්‍ය හදිස්සියෙන්ම අසනීප වී රෝහල්ගත වූ  නිසයි.

තවමත් ඔහු කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා නැහැ ඒ වගේ ම විවිධ සමාජ මාධ්‍ය වාර්තා කළේ ආයෙමත් ඔහු කලා කටයුතුත් එක්ක එකතු වෙන්නේ නැති වෙයි කියලයි.

නමුත් ඒ කිසිදු පුවතක සත්‍ය අසත්‍යතාවය මේ වෙද්දි තීරණය නොවුනත් ගිරිරාජ් කෞශල්‍යගේ ආදරණීය දියණිය දැන් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයත් එක්ක රංගනයෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා.

ගිරිරාජ් කෞශල්‍ය ඔහු වෙනුවෙන් දුක් වෙන ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක් ගෙනල්ලා තියෙනවා.

ඔහු සඳහන් කරන්නේ ගොඩක් සමාජ මාධ්‍ය වල ඔහු රංගනයෙන් සමු දුන්නා කියලා පුවත් පළ කරලා තිබුණත් ඒ ගැන කතා කරන්න කැමති නැති බවත් තවත් අයගේ පටු අරමුණු වෙනුවෙන් සමාජයට බැනලා වැඩක් නැති නිසා ඒ කරන අයට ඒවා කරගෙන යන්න ඉඩ දෙනවා කියලා සහ ඔහුගේ ආදරණීය ප්‍රේක්ෂකයන් නැවත වතාවක් රංගනයෙන් පිනවන්න වෛද්‍ය උපදෙස් අනුව ආයෙමත් රංගන කටයුතුත් එක්ක ඔහු එකතු වෙන්න සූදානම් කියලයි.

ඒ වගේම  ඔහු හැමදාමත් පුළුවන් විදිහට කාටත් උදව් කරගෙන ජීවත් වුණු චරිතයක් නිසා එදා අසනීප වුණු දවසේ පටන් අද වෙනතුරු ඔහුගේ රෝගී තත්ත්වය සොයා බලා ඒ වෙනුවෙන් දිවා රෑ නොතකා කටයුතු කරපු ආශිර්වාද කරපු සියලුම දෙනාට ස්තුතියි කියලා අදහස් ඉදිරිපත් කරලා තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 February 2022 08:45