May 21, 2024

"ජූලි 13 මම උපදිනවා, 14 පාන්දර අක්කා මිය යනවා” - අම්මාගේ අවමඟුලදා දීපිකා හැමෝම හඬවමින් කියූ කතාව

February 20, 2022

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කියලා කියන්නේ හැමෝම හොදක් ආදරය කරන ගායන ශිල්පිනියක්. 

ඇය විවාහ වෙන්නේ ටිකක් වයස් ගත වෙලා උනත් ඇයට හැකියාවක් ලැබෙනවා ආදරණීය දරු සම්පත ලඟා කරගන්න වාසනාවන්ත වෙන්න.

ඇයගේ මව පසුගිය දිනක මෙලොව හැර ගියා.

ඇය සිය මුහුණු පොතේ මවගේ වියෝව පිළිබඳව දැනුම් දීමක් ද කර තිබුණා.

“දිවි සැරියෙ 88 වසරක් ආයු ලැබූ මගේ ආදරණීය අම්මා අද දින මෙලොවින් සදහටම සමුගත් බව ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සංවේගයෙනි.”

තමන්ගේ හැම දෙයකටම හයියක් වූ මවගේ වියෝව දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ට දරා ගැනීමට අපහසු වීම අපි අමතුවෙන් කිව යුතු නැහැ.

සිය මවගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී ඇය ඉතා සංවේදී කතාවක් සිදු කරනවා.

ඒ මෙලෙසයි,

“ඊයේ ඉඳන් කිසිම දැනුම්දීමකින් තොරව මේ වෙනකම්ම අම්මා වෙනුවෙන් ඇවිත් ගෞරව කරාට ඔබ සියළුම දෙනාට ස්තුතියි. විශේෂ මට කියන්න ඕනි දේ තමයි අම්මා මේ ජීවිත ගමන එද්දී අද තමයි මගේ අතින් ගිලිහෙන ම දවස කියලා මට දැනෙන්නේ. ඒ තරම් බැඳීමක් මට ඇයත් එක්ක තිබුණා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මගේ උපත සහ මගේ සොහොයුරියගේ විපත එකම දිනයේ සිද්ධ වෙච්ච නිසයි.

මගේ අම්මා එදා රෝහලට යන විට ඇඳුම් බෑග් එක සකස් කරලා දීල තියෙන්නෙ මගේ අක්කා. ඇය අජන්තා ශිරෝමාලා. ඒ වෙද්දී ඇයට අවුරුදු තුනයි. ඇයට ලස්සනට ගී කියන්න පුළුවන්. ඒ දවස්වල scan නැතිවුනත් ඇය අම්මට කිව්වලු අම්මේ නංගි බබෙක් ගෙදර ගේන්න කියලා. ඉතින් ඒ නංගි බබා මම තමයි.

ඉතිං මගේ අම්මා කිව්වා රාත්‍රී කාලේ ඔයා හම්බෙන්න ඉද්දි මම හීනයක් දැක්කා කියලා. විශාල සෙනගක් ගේ වට කරගෙන හිටියා එදා සුදු ඇඳගෙන  මට ගොඩක් අමාරු උනා. ඉතින් ඒ අමාරු වුණු මොහොතේ අම්මා දිගින් දිගටම පාර්ථනා කරලා තියෙන්නේ මග කුසේ ඉන්න දරුවාට  කිසිම කරදරයක් වෙන්න එපා කියලා. අම්මට අමතක වෙලා තියෙනවා ගෙදර ඉන්න අවුරුදු තුනේ දුව ගැන. අම්මට එහෙම ලොකු බයක් තිබෙන නැහැ. ඒ උනාට සිදුවුණේ ජූනි13 මම උපදිද්දී දාහතර පාන්දර මගේ අක්කා මියයන එකයි. මගේ ආදරණීය අම්මා ජීවිතයේ අස්ථිර බව උගන්නපු එකම පාඩම තමයි මගේ අක්කගේ විපත සහ මගේ උපත.”

Rate this item
(2 votes)
Last modified on Sunday, 20 February 2022 14:46