May 21, 2024

"මව් පදවිය හෑල්ලුවට ලක් කරන්න එපා" - දමිතා හදිසියේම කී සංවේදී කතාව

February 19, 2022

දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීන රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්.

2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමිවුණා.

ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක ඇගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් එකක් මගින් ඉතාමත් සංවේදී ව අදහස් පළ කරනවා. මේ විදියට.

“කිසිම කෙනෙක්ගෙ ජීවිතයක ඉපදෙන එකයි සමුගන්න එකයි , ගැහැනියක් උතුම් වූ මව් පදවිය ලබන එකයි , පිරිමියෙක් උතුම් වූ පිය පදවිය ලබන එකයි මේ වගේ දේවල් හරි සංවේදී තැන්. ඒව අල්ලගෙන මෙහෙම විකුණන්න සූදානම් වෙන්න එපා. මේක බොහොම ආදරණීය බැගෑපත් ඉල්ලීමක්. ඒක කරන්නට එපා. කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතයට හානි වන කිසිම දෙයක් කරන්න එපා. ඒක පව් ඇත්තටම. මේක මගේ ආදරණීය ඉල්ලීම. මේ පළ වෙච්ච පුවත තනිකරම බොරුවක්. ඇත්ත තමයි මම මව් මව් පදවිය ලබන්නට ආසාවෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් උත්සාහයක යෙදෙනවා. ඒ වෙනුවෙන් දොස්තරවරුන්ගෙන් අවවාද ගන්නවා මේ කාලේ.

හැබැයි තවම එහෙම දෙයක් නෑ. ආදරයෙන් ආසාවෙන් බලන් ඉන්න දෙයක් උතුම් වූ මව් පදවිය කියන්නේ ඒක හෑල්ලුවට ලක් කරන්න එපා මේ වගේ පුවත් දාලා. මං මේ වොයිස් කට් එක දෙන්න ඕනේ කියලා හිතුවේ මගෙ ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අසාධාරණයක් නොකර ඉන්න කියන ඉල්ලීමත් මේ වගේ ජීවිතවල සංවේදී අවස්ථා අල්ලගෙන බොරු පුවත් පළ කරන්නට එපා කියන ආදරණීය ඉල්ලීම සියලු වෙබ් සයිට් වලින් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් ඉල්ලන්න. ඉතින් මං හිතනවා ඒ ඉල්ලීම අඩු ගානේ මෙතනින් එහාට ඔයාලා ඉෂ්ට කරයි කියලා. මං බොහොම බැගෑපත්ව ඉල්ලනවා ඒක ඉෂ්ට කරන්න කියලා. නිවුස් එකක් දැනගන්න ඕන නම් ප්ලීස් කෝල් එකක් දීලා අහන්න.

අපි ඇත්ත කියන්නම් අපි බොරු කියන් නෑ. එහෙනම් බොහොම ස්තූතියි මට ආදරේ කරපු ඕගොල්ලන් ඔක්කොටම. ඇත්තටම මම අම්ම කෙනෙක් වෙන්න යන දවසට ඒක මං ඕගොල්ලන්ට කියන්නම්. මොකද ඒ ආරංචිය මට දරා ගන්න දරාගන්න බැරි සතුටක් වේවි අනිවාර්යෙන්. එහෙම වුනොත් මම ඕගොල්ලන්ට කතා කරලා කියන්නම්. තෑන්ක්යූ මට ආදරේ දීපු ඕගොල්ලන් ඔක්කොටම. ඒ ආදරේ මට ලොකු ශක්තියක්. ඒ ආදරේ මට ලොකු ආශිර්වාදයක්. ජීවත් වෙන්නේ මේ ආශිර්වාදයෙන් මේ ආදරයෙන්. ඒ තමයි මම දිනා ගත්ත දේ. මගේ හැකියාවෙන් දිනා ගත්ත දේ. ඉතිං මගේ හැකියාවට ගරු කරපු ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ආශිර්වාදයෙන් ම හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි.”

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 February 2022 15:44