May 21, 2024

පුතුන් දෙපළ බුදු සසුනට දී තනි වූ මවක්

February 18, 2022

මෙලොවට බිහි කළ තම දරු දෙදෙනා බුද්ධ ශාසනයට පූජාකොට නාය යෑම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ අම්මා කෙනෙකුට කුඩා කාමර දෙකක් සාදා ගැනීමට වෙහෙසෙන සහෝදර හිමිවරුන් දෙදෙනකු ගැන පුවතක් ඒෂියන් මිරර් අප මීට පෙර වාර්තා කළා.

එම හෙළිදරව් කිරීමෙන් පසු දානපතියන් රැසක් එක්ව අංග සම්පුර්ණ නිවසක් තනා භාරදීමට කටයුතු සිදු කෙරුණා.

සීගිරිය නාගල වැව ප්‍රදේශයේ සිරි නදී විවේක සේනාසනයේ වැඩ හිඳින මොරවක සුමනවංස හිමියන් සහ මොරවක පියනන්ද හිමියන් එක කුසේ උපන් සහෝදරයෝයි.

වයස අවුරුදු 14දී සහ වයස අවුරුදු 9දී මෙම දෙදෙනා මවුපියන් අතහැර මහණ දම් පුරන්නට පැමිණ තිබෙනවා.

එමෙන්ම මෙම හිමිවරුන් දෙදෙනාගේ මව වන ආරියවතී මාතාව මොරවක ප්‍රදේශයේ තනිවම අසනීපව ජීවත් වෙනවා.

2014 වසරේ මෙම හිමිවරුන්ගේ පියා පිලිකා රෝගයෙන් මිය යද්දී පියා මියගොස් මාස කීපයක් ගතවෙද්දී උන්වහන්සේලාගේ සහෝදරයා ද පිළිකා රෝගයෙන් මිය ගොස් තිබෙනවා. 

තනිවම නිවසේ සිටිය දී මොරවක ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් එම නිවසට ද දැඩි ලෙස අලාභ හානි සිදුව තනි වූ මව අසරණව කිසිවකුගේ හවුහරණක් නොමැතිව අසරණ වී සිටියා.

තනිවම අසරණව සිටින මවට සුමනවංශ හිමියන් සහ පියනන්ද හිමියන් ලැබෙන පිරිකර වලින් යම් මුදලක් ඉතිරි කරගෙන ආහාරපාන පිටත් කර හැරීමට කටයුතු කර තිබෙනවා.

(දඹුල්ල - කාංචන  කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 February 2022 15:23