May 20, 2024

"නංගිව බලන්න එන්න කිව්වට එයාලා එන්නෑ" - ගයාන් පළමු විවාහයේ දරුවන් ගැන කියූ කතාව

February 17, 2022

කලා ක්ෂේත්‍රය තුල මෙන්ම පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පීරිස් කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් අතරින් බොහෝම දක්ෂ ප්‍රවීණ තරු යුවලක් විදිහටත් ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම මේ කලා යුවල කාටත් ආදර්ශයක් ලබා දෙමින් මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් කිවුවත් වැරද්දක් නැහැ.

ඉතින් මේ දෙන්නගේ ආදරණීය සුන්දර කැදැල්ලට පහුගිය කාලේ තවත් අමුතෙක් එකතු වුනු බව දැන්නම් අපේ රටේ කාටත් රහසක් නෙමෙයි. ඉතින් ඒ තමයි ආරාධනා පුංචි දෝනි. 

මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටින අතර ඇයත් සමග කරන ලද වීඩියෝ බොහෝ දෙනෙක් ඉතාම ආදරයෙන් බලා සිටිනවා. ආරාධනා කුඩා කල පටන්ම සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් පුංචි සිගිත්තියක්.

කලින් විවාහයේ දරුවන් දෙදෙනා එක්ක ගයාන් මේ වෙද්දි ආදරණීය දරුවන් තුන් දෙනෙකුගේ පියෙක්. මුල් විවාහයෙන් ඔහුට ඉන්නේ පුතාලාම දෙන්නෙක්.

පසුගිය දිනක පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් පුතාලා දෙන්නත් එක්ක තියෙන ගනුදෙනුව මොන වගේද කියලා අහපු අවස්ථාවක ගයාන් පිළිතුරු දුන්නේ මෙන්න මෙහෙමයි,

"පුතාල දෙන්නත් එක්ක තියෙන ගනුදෙනුව බොහොම අඩුයි. ඒකට ඒගොල්ලො ඉන්න පරිසරයත් බලපානවා ඇති. මම ඒගොල්ලො වෙනුවෙන් මගේ යුතුකම් ඉෂ්ට කරගෙන යනවා පුළුවන් විදිහට. නමුත් මං එයාලට බලපෑම් කරන්නේ නැහැ. මම අවස්ථා කීපයකදීම කතා කරලා කිව්වා එන්න නංගිලා බලලා යන්න කියලා. එයාලගේ ඒකට ලොකු කැමැත්තක් නැහැ. මම ආසයි ආරාධනා එයාලා දෙන්නයි එකට ඉන්නවා බලන්න. තාත්තා කෙනෙක් හැටියට ආස වුණත් ඒගොල්ලො ඒ තැනට ගන්න අමාරුයි."

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 February 2022 08:01