May 21, 2024

"ලොකු ශබ්දයක් ඇහුණා - ඒකට මමයි, චමුයි, බබයි තුන්දෙනාම ඇහැරුණා" - ප්‍රහාරය ගැන චමුදිතගේ බිරිඳ කතා කරයි

February 14, 2022

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

චමුදිත සමරවික්‍රම මහතා පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි චමුදිත මහතා පවසා සිටියේ.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත්කාරයෙන් විවෘත කරවා ගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

තමන් මුහුණ සිදුවීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාගේ බිරිඳ වන හිරන්ති සමරවික්‍රම මහත්මිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියා,

"පාන්දර දෙකත්, දෙක හමාරත් අතර අපි නිදියගෙන ඉන්නකොට ලොකු සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්කම අපි තුන් තුන්දෙනාටම මටයි, චමුදිතටයි, බබාටයි ඇහැරුනා. ඊට පස්සේ අපි පල්ලෙහාට යන්න චුට්ටක් බයෙන් හිටියේ. හොරු කියලානේ අපිට මුලින්ම අයිඩියා එක එන්නේ. ඊට පස්සේ එළියෙ ලයිට් දැම්මා. ඊට පස්සේ චමුදිත කිව්වා පොඩ්ඩක් පල්ලෙහාට යන්නැතුව ඉන්න කියලා. ලොකු සද්දයක් ආවා ඒ සද්දෙ මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් ලොකු සද්දයක්."

"අපි කිසි කෙනෙක් දැක්කේ නැහැ. අපි පල්ලෙහාට ගියොත් නෑ. එළියෙන් බලනකොට කිසි දෙයක් පෙනුනෙ නෑ. මොකද ලයිට් එළිය නැති නිසා. අපි කිසි දෙයක් එහෙම දැක්කේ නෑ. පල්ලෙහාට ගිහිල්ලා කැමරා එකෙන් බලනකොට තමයි තුන්දෙනෙක් ඇවිල්ලා හිටියා කියලා දැක්කේ. තව එක්කෙනෙක් සෙකියුරිටි එකේ තියලා එයාව බය කරලා තිබ්බලු. එයාට එන්න දීලවත්, එහෙම නැත්තං අපට කතා කරන්නවත් දීලා නෑ, එයා අපිට කවුරු හරි එනවනං එතනින් දැනුවත් කරනවා, එන්න කලින්. පස්සේ අපි සෙකියුරිටි එකට ගත්තට පස්සේ තමයි එයා කිව්වේ මෙහෙම හතර දෙනෙක් ආවා එක්කනෙක් මා ගාව හිටියා කියලා. තුන් දෙනෙක් එක්ක ආපු බව පේනවා හැබැයි ඔක්කොම කළු පාට ජැකට් දාලා ෆුල් ෆේස් හෙල්මට් දාලා හිටියෙ. තවම අයිඩෙන්ටිෆයි (identify) කරගන්න අමාරුයි කවුද කියලා."

Rate this item
(0 votes)