May 21, 2024

"යාච්ඤා කෙරුවම ඒක අඩු වුණා" - අම්මා කළ පාපොච්චාරණය

February 11, 2022

බඩල්ගම ප්‍රදේශයේ නිවසකදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියට අදාළව මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාළ දරුවා නිදන්ගත රෝගයකට කලක සිට ප්‍රතිකාර ලබා තිබෙන අතර පසුව එම අසනීපය සුව කර ගැනීමට දෙමාපියන් විසින් සිය ආගම පවා මාරු කොට යාච්ඤා කිරීම් සිදුකර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

එම යාච්ඤාව සිදු කරන අතරතුර දරුවා මියගොස් ඇති බවත්, දරුවාගේ ප්‍රාණය නැවත ලබා ගැනීමට නොකඩවා දෙමාපියන් විසින් යාච්ඤා කර ඇති බවත්, කිසිදු අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කර නොමැති බවත් සඳහන් වෙනවා.

ප්‍රදේශය පුරා හමා ගිය දුර්ගන්ධය හේතුවෙන් සැක සිතී පොලීසියට ලද පැමිණිල්ලක් මත එම නිවස පරීක්ෂා කළ විට කාමරයක් තුළ තිබී මෙම 11 හැවිරිදි පිරිමි දරුවාගේ දේහය සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලීසිය සදහන් කළේ ඔවුන් නිවසට පැමිණෙන අවස්ථාවේදී ද නිවැසියන් යාච්ඤා කරමින් සිටි බවයි.

මිය ගිය දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා,

"හෙම්බිරිස්සාව පොඩ්ඩක් තිබුණා. යාච්ඤා කෙරුවම ඒක අඩු වුණා. දෙවියන් වහන්සේ මට විශ්වාසයි."

මියගිය දරුවාගේ බාප්පා මෙසේ අදහස් පළ කළා,

"වෙනත් ආගමකින් කියලා තියෙනවා සුව කරලා දෙනවා කියලා. මනස විකෘති කරලා."

මියගිය දරුවාගේ සීයා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

"මම කිව්වා පුතේ ඔයාලා යන තැනක් කියන්න. මම කැඳ ටිකක් හදන් එන්නම් කියලා. පස්සේ මටත් බොරුවක් කියලා අරන් ගිහින් තිබුණේ. නිසි දඬුවම් දෙන්න."

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 09:22