May 21, 2024

දරුවා ගෙදර තියාගෙන යාඥා කරලා - මිත්‍යාව නිසා මව්පියන්ට දරුවත් අහිමි වෙයි

February 10, 2022

බඩල්ගම ආඩිමුල්ලේ ප්‍රදේශයේ 10 හැවිරිදි පාසල් සිසුවෙක් දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයකින් පසු වී තිබෙනවා.

ඒ හේතුවෙන් මව්පියන් දැඩි අපහසුතාවයට පත්ව සිට තිබෙනවා.

ඊට පිලියම් ලෙස ප්‍රතිකාර නොකර ඔවුන් විසින් සිය ආගමද මාරු කර මිත්‍යා විශ්වාස පසු පස ගොස් තිබෙනවා.

ප්‍රතිකාර වෙනුවට යාඥා මෙහෙයන් පවත්වන ලෙසයි ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ.

පසුගිය 7 වනදා මෙම පිරිමි දරුවාගේ අසනීප තත්ත්වය උත්සන්න වී තිබෙනවා.

ඊට ප්‍රතිකාර ලබා නොදී නිවැසියන් විසින් යාඥා මෙහෙයක් පවත්වා තිබෙනවා.

පසුව අසල්වාසීන් විසින් නිවසින් හමන දුර්ගන්ධය හේතුවෙන් 119 පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතීමෙන් අනතුරුවයි මෙම සිදු වීම හෙළි වී ඇත්තේ.

පොලීසිය සදහන් කළේ ඔවුන් නිවසට පැමිණෙන අවස්ථාවේදී ද නිවැසියන් යාඥා කරමින් සිටි බවයි.

මියගිය දරුවාගේ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සදහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 15:37