May 03, 2024

මගේ යාළුවෝ කියනවා මම හොඳ මවක් කියලා - මහේලගේ හිටපු බිරිඳ ක්‍රිස්ටිනා සංවේදී වෙයි

December 27, 2021

ක්‍රිස්ටිනා සිරිසේන කිව්වම ගොඩක් අය දන්නේ ඇය ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාගේ හිටපු බිරිය හැටියටයි. ඉතින් ඇය තම දියණිය සමඟ ගත කරන ජීවිතය ගැන පසුගිය දිනක පවසා තිබුණා.

ඉතින් ඇය පවසා තිබුණේ මිනිස්සු ඇයව දකින්නේ වෙනස් විදිහකට බවත් නමුත් ඇය පොළවේ පය ගහලා ජීවත් වන කාන්තාවක් බවයි. එමෙන්ම හැම දේ ගැනම බොහොම පිළිවෙළට හිතෙන කෙනෙකු බවත් සිය මිතුරන් තමා ඉතාමත් හොඳ මවක් බවත් පවසන බව ඇය සඳහන් සඳහන් කරනවා.

ඒ වගේම මේ වන විට ඇය ගත කරන ගත කරන ජීවිතය තුළ වැඩිපුර කාලය ගත වෙන්නේ සිය ආදරණීය දියණිය සන්සාගේ වැඩ කටයුතු සමඟ බවත් ඇය පවසනවා.

එමෙන්ම තමා මේ වන විට නිර්මාංශ අයකු බවත් එය තමාට කළ හැකි දෙයක් දැයි සිතා ආරම්භ කලත් පසුව එය ඉතාමත්ම හොඳ බව වැටහුණු නිසා මාංශ භාවය පිළිබඳ වාර්තාමය චිත්‍රපට ආදිය නරඹා තමා නිර්මාංශ අයෙකු වූ බව සඳහන් කරනවා.

සෞඛ්යමත් දිවිපෙවෙතක් ගත කරන්න ක්‍රීඩා ආදියෙහි නිරත වන බවත් තමා වැඩිපුරම ටයිකොන්ඩෝ  ක්‍රීඩාවට නැඹුරු වී ඇති බවත් ඇය පවසනවා. පිහිනීම තුළින් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවක් බවත් ඒ පිළිබඳව බොහෝ දෙනා දැන සිටියේ නැති බවත් ක්‍රිස්ටිනා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

එමෙන්ම තමාගේ ආසම සංචාරක ගමන වැනීසියට බවත් එහිදී ඇයට සිදු වූ අමතක නොවන සිදුවීමක් මතක් කරමින් ඇය පවසා තිබුණේ ඇයගේ මිතුරන් සමග දුම්රිය ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ මුදල් පසුම්බිය සොරකම් කළ බවත් එහිදී මුදල් ගෙවා හෝටලයක නැවතීමට ඔවුන්ට මුදල් නොමැතිවීම හේතුවෙන් ශාන්ත මාර්ක් චතුරස්‍රයේ ඔවුන්ට නිදා ගැනීමට සිදු වූ බවත් එහිදී පොලිසියෙන් එළවා දැමූ බවයි.

ඉතින් ලොවක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හිටපු බිරිදක් ලෙස මේ වන විට මේ විදියට දිවි ගෙවන ක්‍රිස්ටිනා ඉතාමත් ආදරණීය මවක් වගේම සුන්දර කාන්තාවක් විදිහටත් බොහෝ දෙනාගේ  ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් ඇගේ ඉදිරි වැඩ වැඩ කටයුතු වලට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්න අමතක කරන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 21:51