මත්පැන් වෙනුවට මත්වීමට සදාගත් සුවඳ සබන් දියරයක් පානය කිරීමෙන් රුසියාවේ පුද්ගලයන් හතළිස් අට දෙනකු මිය ගොස් තිබෙනවා.
අදාළ සබන් දියරය පානය කිරීමෙන් පසුගියදා රුසියාවේ පනස් දෙනෙකු රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සබන් දියර නිෂ්පාදනය වෙළඳපොලෙන් ඉවත් කිරීමට ද රුසියානු බලධාරීහු පියවර ගෙන ඇති බවත් සඳහන්.