May 15, 2024

මට ඕන දෙනවක හාමිනේ වගේ වෙන්න - පබා

December 19, 2016

උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිළියක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි උපේක්ෂා අතිශය ජනප්‍රියත්වයට පත්වුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍ය මාලාව හරහා පබා ලෙසින්. ඒ ලැබුණු අසීමිත ජනප්‍රියත්වය නිසාම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්නට පවා ඇය වාසනාවන්ත වුණා. මේ දිනවල නම් උපේක්ෂාගේ අලුත්ම පදවිය මව් පදවියයි. 

 

කොහොම උනත් උපේක්ෂානම් කියන්නේ අම්මා කෙනෙක් උනත් කලාවෙන්නම් ඈත් නොවෙන බවයි. ඒ වගේම  ඇයට  ඕනේ දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න බව පුවත් පතකට අදහස් ප්‍රකාශකර තිබුණා.

 

"මම කලිනුත් කියලා තියෙනවා මට ඕනේ දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න. ලංකාවේ අපි කලාව කළේ මුදල මුල් කරගෙන නෙවෙයි. ආත්මතෘප්තිය වෙනුවෙන්. අපේ අම්මා පවා මට නිතරම කියන දෙයක් තමා කලාව කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕනේ කියන දේ." යනුවෙන් ඇය එම පුවත්පතට පවසා තිබුණා

Rate this item
(0 votes)
Last modified on Monday, 19 December 2016 23:44