May 15, 2024

පුංචි මෙතුජට ඔබගේ උපකාර අවැසිම මොහොතයි

December 18, 2016
‘මගේ දරුවගේ නහයෙන් දැන් ලේත් එනවා ඇඟ කහන එක වැඩි වුනහම දරුව අපිට හොරෙන් කූඹි ඇඟට දාලා කවාගන්නවා අපි කොහොමද ඉවසන්නේ සැත්කමට තව ටික දවසයි තියෙන්නේ නමුත් අවශ්‍ය මුදල් තාම අපිට හොයාගන්න බැරිවුනා’ මෙහෙම කියන්නේ වව්නියාව මහකච්චකොඩිය ග්‍රාමයේ පදිංචි මෙතුජ සිත්සර රත්නායක කුඩා දරුවගේ අම්මා.
 
මෙතුජ සිත්සර කුඩා දරුවට ඉපදිල මාස පහකින් අක්මාවට විෂබීජයක් ඇතුලුවීම නිසා අද වන විට අවුරුදු දෙකයි මාස පහක් වන මේ පුංචි දරුවාගේ උදරය අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා විවිධ වූ පීඩාවන්ගෙන් පෙලෙන නිසා දෙමාපියන් මහත් කම්පනයකට පත්ව සිටිනවා.
 
මෙතුජ කුඩා දරුවගේ අක්මාවට පියාගේ අක්මාවෙන් කොටසක් බද්ද කිරීමට අවසානයේ නිගමනය වුනද එම කාර්ය මෙරට නොහැකි නිසාවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නිර්දේශ වුනේ ඉන්දියාවේ ග්ලෝබල් රෝහලේදී අක්මා බද්දයක් සිදු කළ යුතු බවටයි.
 
මෙතුජගේ පියා වූ නිශාන්ත රත්නායක වව්නියාව ඇටඹගස්කඩ පාසලේ කනිෂ්ඨ සේවකයෙකු වශයෙන් සේවය කරන සාමාන්‍ය පුද්ගලයෙකු හෙයින් ඉන්දියාවේ ග්ලොබල් රොහලේ අක්මා බද්ද සැත්කමට අවශ්‍ය කරන රුපියල් ලකෂ 70 ක මුදල සොයාගැනීමට නොහැකි වීමෙන් සියලු ලක්වාසීන්ගෙන් උපකාරයක් පතයි.
 
මේ වන විට බොහෝ අයගේ උපකාර ඇතිව රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් එකතු වී ඇති අතර මේ මස අවසන් වන විට අදාල සැත්කම සිදු කිරීමට අවශ්‍ය බැවින් ඉතිරි මුදල සෙවීමට නොහැකිව අසරණව සිටිති.
 
මෙ අතර වව්නියාව මාධ්‍යෙව්දීන්ගේ සංගමය විසින්ද මෙතුජ දරුවාට ආධාර ඉල්ලා වව්නියාවේ වෙළඳ සංගම් හා දේශපාලක්ඥයින් මෙන්ම ව්‍යාපාරිකයින් වෙතට යාමේ වැඩසටහනක්ද ආරම්භ කොට ඇත.
 
මෙතුජ වෙනුවෙන් උපකාර කිරීමට හැකි ඔබට පහත අයුරින් සමබන්ධ විය හැක.
 
  • පියාගේ දුරකතන අංක- 071-6464563 (071-5420275) (076-6846213)
  • බැංකු ගිනුම් -මහජන බැංකුව -වව්නියාව ශාකාව ගිනුමේ නම ආර්.ආර්.එන්.රත්නායක ගිනුම් අංකය - 040 200 160056158
  • ලංකා බැංකුව බෝගස්වැව ශාකාව- ආර්.ආර්.එන්.රත්නායක
  • ගිනුම් අංකය -7114362

- වන්නි රොමේෂ් මධුශංඛ

Rate this item
(0 votes)
Last modified on Monday, 19 December 2016 09:28