May 15, 2024

මිලියන ගානක ණය පියවන්න බෝතල් දෙන අමුතු ක්‍රමයක්

December 17, 2016
කියුබාව ණයතුරුස් පියවීමට අමුතුම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
 
එ් චෙක් රාජ්‍යයට අදාළ ඩොලර් මිලියන 276ක ණය කියුබානු රම් බෝතල් මගින් පියවීමටයි.
 
ණය සම්බන්ධ සාකච්ඡා කිරීමේදී කියුබාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බවට චෙක් රාජ්‍යයේ මුදල් අමාත්‍යංශය පවසනවා.
 
රම් වලින් හෝ ඖෂධ වලින් මෙම ණය පියවිය හැකි වුවත්, එම ණයමුදලෙන් කොටසක් හෝ මුදල් වලින් ලැබීමට කැමති බව චෙක් රාජ්‍යයේ මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.
 
කෙසේ වෙතත් මෙම යෝජනාව නිල වශයෙන් පිළිගතහොත් සිය වසරකට සරිලන රම් තොගයක් චෙක් රාජ්‍යයට හිමි වනු ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා
Rate this item
(0 votes)
Last modified on Saturday, 17 December 2016 06:47