කාමර 230 කින් යුත් නුවරඑළිය පුද්ගලික හෝටලයක සේවකයන් සදහා ඉදිකර තිබු තාවකාලික කුඩාරමක හටගත් ගින්නකින් කුඩාරමේ රැදි සිටි සේවකයෙකු පිලිස්සි මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කළේය.
මියගොස් ඇත්තේ ගමිපොළ උලපනේ පදිංචි තිළිණ මල්ෂාන් ජයරත්න හපුගොඩ නැමැති විසි දෙහැවිරිදි අයෙකු බව පොලිසිය විසින් හදුනාගෙන ඇත.
විදුලි කේතලයකින් ජලය උණුකිරිමට යෑමේදී අනාරක‍්ෂිතව එම තාවකාලික ගොඩනැගිල්ලට ඇද තිබු විදුලි රැහැන් පද්ධතියෙන් හටගත් ගින්න මුළු කුඩාරමටම පැතිර තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේ එම කුඩාරම තුල සේවකයන් තිදෙනෙකු සිට ඇති අතර සේවකයන් දෙදෙනෙකු ඉන් පැන ඇති බවත් පිලිස්සි මියගිය සේවකයා රෝගාතුරව නින්දේ පසු වු බැවින් ඔහු මෙම ගින්නට හසුවි ඇති බවට පොලිසිය සැකකරයි.