May 07, 2024

පොලිස් අණ නොතකා ඩිපෙන්ඩරයෙන් ඉගිල්ලුනු මන්ත්‍රී දියණිය මෙන්න

December 14, 2016
මහනුවර මහා මාර්ගය ඔස්සේ පසුගිය 11දා මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණද නොතකා ඩිපෙන්ඩර් රථය නොනවත්වා ධාවනය කළ තරුණියක් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් නිලධාරීහූ සමත් වෙති.
 
ඇය තවත් තරුණියන් කිහිප දෙනෙකු සමඟ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් මහනුවර සිට කොළඹට පැමිණෙමින් සිට ඇති අතර නිට්ටඹුව ප්‍රදේශයේදී එක්තරා වංගුවකුදී සුදු ඉරි දෙකක් සටහන් වී ඇති ස්ථානයකින් ඉරිකපාගෙන වාහනයක් ඉස්සර කර තිබේ.
 
එවිට පොලිස් නිළධාරින් එය දැක අතදමා නැවැත්වීමට අණකර ඇති අතර ඇය අන නොතකා ධාවනය කර ඇත.පසුව පොලිස් නිළධාරින් දෙදෙනකු රථය පසුපස කිලෝමීටර් තුනක් පමණ හඹාගොස් වාහනය නවතා ඇයව අත් අඩංගුවට ගෙන ඇත.
 
අණ නොතකා යෑම පිළිබඳව පොලිස් නිලධාරීන් දෙදෙනා ඩිපෙන්ඩර් රථය පැදවූ තරුණිගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය දේශපාලඥයෙකුගේ නමක් සඳහන් කර තමා ඔහුගේ දියණියක් බවත්, සිද්ධිය පිළිබඳව සමාව අයැද සිටින බවත් පවසා තිබේ.
 
කෙසේ වුවද ඇය පාර්ලලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ දියණිය මෙන්ම යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය බව සමීපතම ආරංචි ප්‍රකාශ කරයි.
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 December 2016 11:05