හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දා පාර්ලිමේන්තුව තුළ සිදුකළ කතාවක් මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වී තිබෙනවා.
දේශපාලනඥයින් සහ විවිධ ප්‍රභූවරුන් බන්ධනාගාරගත වෙද්දී ඔවුන් හට බන්ධනාගාර වෛද්‍යවරු විසින් විශේෂ වරප්‍රසාද ලබා දීම පිළිබඳ හෙළිදරව්වක් එහි දී ඇය විසින් සිදු කළා.
විවිධ හේතු සඳහන් කරමින් ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඔවුන්ව බන්ධනාගාර රෝහල වෙත මාරු කරන බවත් එහි දී ඔවුන් හට විශේෂ ආකාරයෙන් සලකන බවත් ඇය එහි දී පෙන්වා දුන්නා.
තව ද ඇය සඳහන් කළේ එක්තරා දේශපාලනඥයෙකු හට මදුරුදැලක්, මෙට්ටයක් සහ කොට්ටයක් ලබා දී ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂවල රෝගයක් ඇති බව සඳහන් කරමින් බව යි.
"වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිබ්බාම සනීප වෙනවා දැ" යි ඇය එහි දී ප්‍රශ්ණ කොට සිටි අතර ඇගේ එම ප්‍රකාශය මේවන විට සමාජ ජාල අතර ද විවිධාකාරයෙන් කතාබහට ලක් වෙමින් පවතිනවා.
මේ අතර රන්ජන් රාමනායක මහතා ද මෙම කාරණාව පිළිබඳවම හෙළිදරව් කිහිපයක් සිදු කරන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.
විවිධ පුරවැසියන් විසින් තමන් හට මෙම තොරතුරු ලබා දුන් බවත්, මේවා හෙළිදරව් කිරීමට තමන් හට සාක්ෂි ඇති බවත් ඔහු එහි දී පවසනවා.
එමෙන්ම ඔහු එම වීඩියෝවෙහි වැඩිදුරටත් පවසන්නේ උදය ගම්මන්පිල මහතා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂවල කැක්කුමක් ඇති බව පවසමින් බව යි.
එම වීඩියෝව පහතින් නරඹන්න > > >