May 06, 2024

උණ්ඩ 5කින් මරා දැමූ දරුවා බලන්නට පෙරපාසල් මිතුරෝ ආ සංවේදී වීඩියෝව (VIDEO)

අම්බලංගොඩ ප්‍රදේශයේ දී ඊයේ පවුලක්ම ඝාතනයට ලක්වීම පිළිබඳව එම ප්‍රදේශයේ වැසියන් මහත් කම්පනයකට ලක්ව තිබෙනවා.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුනේ සැමියා, බිරිඳ සහ ඔවුන්ගේ දරුවා යි.

අදාල කුඩා දරුවා සිව්වැනි වියෙහි පසුවුණා.

රාත්‍රී 10ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් මියගිය තිදෙනාට T56 ගිනිඅවිවලින් වෙඩිතබා ගොස් තිබුණා.

මේ අතර මියගිය දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසැලේ සහෝදර සිසු සිසුවියන් සහ ගුරුතුමිය මියගිය තිදෙනාට අවසන් ගෞරව දැක්වීමට අද පැමිණියා.

කුඩා දරු දැරියන් සිය මිතුරාගේ නිසල දේහය දෙස බලා හිඳින දසුන සෑම දෙනාගේම නෙතට කඳුළක් එක් කිරීමට සමත් වුණා.

එමෙන්ම පෙරපාසල් ගුරුතුමිය ද අතිශයින් සංවේදී වී සිටිනු දක්නට ලැබුණා.

වීඩියෝව පහතින් > > >

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 December 2016 09:08