May 16, 2024

'හෙණ 7ම වදී කවදහරි' - එළියට ආපු ඩෑන් ප්‍රියසාද් සිංහල සංවිධානවලට ශාප කරයි (VIDEO)

ශ්‍රී පාද අඩවියේ මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් විසින් හෝටලයක් ඉදිකරන බවට පසුගිය දා පැතිර ගිය පුවතත් සමග සිංහල ජාතික සංවිධාන සහ බෞද්ධ සංවිධාන තරමක් නොසන්සුන් වූ බව පෙනෙන්නට තිබුණා.

එමෙන්ම ඒ හරහා ගොඩ නැගුනු රැල්ල ෆේස්බුක් ඇතුළු සමාජ ජාල හරහා ද වේගයෙන් ව්‍යාප්ත වුණා.

ඩෑන් ප්‍රියසාද් යනු මෙම ක්‍රියාවලියේ දී ෆේස්බුක් සමාජ ජාලය හරහා ක්‍රියාකාරීව දායකත්වය සැපයූ තරුණයෙක්.

වීඩියෝව පහතින් > > > 

වීඩියෝ මගින් විවිධ පණිවිඩ ලබා දෙමින් තමන් වටා පිරිසක් ද ගොඩනගා ගැනීමට ප්‍රියසාද් සමත් වූ අතර පසුව ඔහු සිංහල ජාතිය වෙනුවෙන් සහ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව විරෝධතා පවා සංවිධානය කළා.

කෙසේ වෙතත් ජාතික සමගිය බිඳවැටෙන ප්‍රකාශ සිදු කළ බව පවසමින් ඔහු අත්අඩංගුවට පත් වූ අතර පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුගිය දා ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට පැමිණි ඩෑන් ප්‍රියසාද් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා.

සිංහල ජාතික සංවිධාන එක් වී තමන්ව බේරාගත් බව අමූලික බොරුවක් බව යි ප්‍රියසාද් පවසන්නේ.

වීඩියෝව පහතින් > > > 

තමන්ව බේරාගැනීමට කටයුතු කළේ තම බිරිඳත් මිතුරනුත් පමණක්වන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම "සිංහලේ" සංවිධානයට ද ප්‍රියසාද් දැඩි ලෙස චෝදනා සිදු කළා.

එම සංවිධානය හා එක්ව ශ්‍රී පාදස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ කටයුත්තක් තමන් විසින් සිදු කළ නමුත් තමන්ව බැලීමට හිරේටවත් ඔවුන් ආවේ නැති බව යි ඔහු පවසන්නේ.

තමන්ගේ හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල ජාතික සංවිධාන සියල්ල එක්ව මහනුවරට පාගමනක් ගිය බවත් සිරගතව සිටි තමන් ගැන එහි දී කිසිදු කරුණක් ඉස්මතු නොවූ බවත් ඔහු පෙන්වා දුන්නා.

වීඩියෝව පහතින් > > > 

එමෙන්ම ඩෑන් ප්‍රියසාද් ප්‍රශ්ණ කර සිටියේ සිංහල ජාතික සංවිධානවලට තමන් කෙරෙහි වෛරයක් පවතින්නේ ද යනුවෙනු යි.

තවද තම මිතුරන්ගෙන් ඇතැමුන් ද තමන්ගේ නම භාවිතා කර මුදල් සෙවූ බවට ද ඔහු චෝදනා කළා.

ජාතික සංවිධාන එකතු වී තමන්ව අන්ත අසරණ කළ බවත් ඒ වෙනුවෙන් ඔවුනට දෙවියන් විසින් දඬුවම් ලබා දෙනු ඇති බවත් ඔහු පැවසුවා.

එමෙන්ම තමන්ව සිරගත කිරීම පිටුපස සිටින්නේ ද සිංහල ජාතික සංවිධාන බවත් එය ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවත් ප්‍රියසාද් අවධාරණය කළා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(4 votes)
Last modified on Saturday, 03 December 2016 10:44