May 17, 2024

ජපන් ජාතික සුරූපිනියට අතවර කළ ලාංකිකයා මාට්ටු

December 01, 2016

ශ්‍රී ලංකාව යනු ලෝකය පුරාම ප්‍රසිද්ධ සංචාරක පාරාදීසයක් බව කිවහොත් එය බොරුවක් නොවෙයි.

සොබා සෞන්දර්යය මෙන්ම මෙරට ඇති සංස්කෘතික විවිධත්වයත් සංචාරකයින්ගේ නොමඳ අවධානය දිනාගන්නවා.

සංචාරක ආකර්ශණය වැඩි කරගැනීම කෙසේ වෙතත් දිගින් දිගටම මෙරට කෙරෙහි සංචාරකයින්ගේ ප්‍රසාදය පවත්වා ගැනීමට සොබාවික සුන්දරත්වය ආරක්ෂා කරගැනීම පමණක් නම් සෑහෙන්නේ නැහැ.

සංචාරක කර්මාන්තය හා බැඳුණු ආගන්තුක සත්කාර ද ඉහත කී ප්‍රසාදය පවත්වා ගැනීමට බෙහෙවින් බලපානවා.

මෙරට පිළිබඳව සංචාරකයින් තුළ අප්‍රසාදය ඇතිවිය හැකි පුවතක් මීගමුවෙන් වාර්තා වෙනවා.

ඒ නිවාඩුවක් ගත කිරීමට එම ප්‍රදේශයේ සුපිරි හෝටලයකට පැමිණ සිටි සුරූපී ජපන් ජාතික කාන්තාවකට මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීමක් හේතුවෙන්.

අදාළ හෝටලයේ සම්බාහන මධ්‍යස්ථානයේ දී ඇය ලිංගික අතවරයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

34 හැවිරිදි ඇය අතවරයට ලක්ව ඇත්තේ ලාංකික සේවකයෙකු අතින්.

සම්බාහනය සිදු කෙරෙන මුවාවෙන් ඇගේ ලිංගික අවයවයන් ස්පර්ශකරමින් අතවරයට පත් කළ බව අදාළ විදෙස් කාන්තාව පොලීසියට පවසා තිබෙනවා.

අදාළ සේවකයා මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Rate this item
(0 votes)