May 16, 2024

තවත් ගුවන් සේවිකාවකට ලිංගික අතවරයක්

November 30, 2016

ගුවන් සේවිකාවක් සිය නවාතැනේ දී ම දූෂණයට ලක් කළ පුවතක් පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කළා.

ඇය පැමිණෙන තුරු ඇගේ නවාතැනේ සැඟවී සිටි දූෂකයා හිටපු හමුදා සෙබළෙකු බව යි පසුව අනාවරණය වූයේ.

එම පුවතෙහි උණුසුම මැකීයාමටත් මත්තෙන් තමත් ගුවන් සේවිකාවකට මුහුණ දීමට සිදු වූ ලිංගික අතවරයක් පිළිබඳව වාර්තා වෙනවා.

ඒ මිරිහාන ප්‍රදේශයේ දී.

අදාළ ගුවන් සේවිකාව එම ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයක් වෙත පැමිණි අවස්ථාවේ දී මෙම අතවරය සිදුව ඇති බව යි පැවසෙන්නේ.

එම මධ්‍යස්ථානයේ උපදේශකයෙකු විසින් මෙම අපරාධය සිදු කොට ඇති අතර ඔහු 32 වියැති පුද්ගලයෙක්.

ගුවන් සේවිකාව පුරුද්දක් ලෙස එම මධ්‍යස්ථානයට ගොස් ව්‍යායාමවල නිරතව ඇති අතර පසුගිය 23 වැනි දා පස්වරුවේ දී ඇය ව්‍යායාම කරමින් සිටිය දී අදාළ පුද්ගලයා පැමිණ ඇයට පුහුණුව ලබා දෙන මුවාවෙන් ඇගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට පටන්ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් සේවිකාව එම පුද්ගලයා මගහැර ගොඩනැගිල්ලේ සිව්වෙනි මහල වෙත ගොස් ව්‍යායාමයන් හි නිරත වී තිබෙන අතර අදාළ පුද්ගලයා එම ස්ථානයට ද පැමිණ තිබෙනවා.

පසුව එම පුද්ගලයාගෙන් බේරීම සඳහා ඇය නැවත තෙවැනි මහල වෙත පැමිණි අවස්ථාවේ ගුවන් සේවිකාව ලුහුබැඳ ආ අදාළ තැනැත්තා ඇයව වැළඳගෙන සිපගනිමින් ලිංගික අතවරයක් සිදු කොට ඇති බව යි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 November 2016 14:00