April 29, 2024

ළමා අධිකාරිය තුළින් ළමයෙකුට ලිංගික බලපෑම්

November 29, 2016

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සේවකයෙකු විසින් 17 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික බලපෑම් කළ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙසේ ලිංගික බලපෑම්වලට ලක්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබම ශිෂ්‍යයෙක්.

පසුගිය දිනක ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කළ විවාද තරගයකට අදාළ සිසුවා සහභාගී වී තිබෙනවා.

සැකකාර පුද්ගලයා එම අවස්ථාවේ දී සිසුවාගේ ජංගම දුරකතන අංකය ලබාගෙන ඇති අතර පසුව විටින් විට ඔහු විසින් අදාළ සිසුවාට දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ලබා දෙමින් දිගින් දිගටම ලිංගික බලපෑම් සිදු කොට ඇති බව යි වාර්තා වන්නේ.

අදාළ සැකකරු විසින් සිසුවාට කෙටි පණිවිඩ සහ ඇමතුම් 160කට අධික ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

නුගේගොඩ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් මේ පිළිබඳව විමර්ශන සිදු කරන අතර සිසුවාගේ ජංගම දුරකතනය මොරටුව විශ්වවිද්‍යාල පරිගණක තාක්ෂණ අංශය වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 November 2016 11:37