April 29, 2024

සිඳු කතා කරයි

November 29, 2016

එදා මෙදාතුර ටෙලි නාට්‍යය අතර සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට "සිඳු" ටෙලිනාට්‍යය සමත් වුණා.

මේ නිසාම සිඳූ පිළිබඳ නොදන්නා කෙනෙක් නැති තරම්.

මිනිස් චරිත පමණක් නොව "සරණ" නම් වූ බළල් චරිතය ද  මෙම ටෙලි නාට්‍යය හරහා අතිශයින් ජනප්‍රිය වුණා.

"සිදූ" ටෙලි නාට්‍යයේ සිඳූගේ චරිතයට පණ පොවන මෙත්ම කාෂ්මිත පසුගිය දවසක මාධ්‍ය වෙත අදහස් පළ කොට තිබුණා.

එම සම්මුඛ සාකච්ඡාව පහතින් > > > 

සම්පූර්ණ නම - මෙත්ම කාෂ්මිත

පාසල – ඡේ. එම්. සී. ජාත්‍යන්තර පාසල, දෙමටගොඩ

වසර – 4 වැනි වසර

පවුලේ විස්‌තර – අම්මයි, තාත්තයි, නංගියි, සීයයි, ආච්චියි
අම්මා ගෙදර, තාත්තා රට ඉන්නේ.

ගම – ගොතටුව

සිදූගේ චරිතය හම්බවුණ විදිහ මතකද?
සෙල්ෆි කියලා නාට්‍යයක්‌ කර කර ඉන්නකොට මේ නාට්‍යය කරන මංජු කියන මාමා ඇවිල්ලා කිව්වා තවත් නාට්‍යයක්‌ තියෙනවා. එන්න කියලා.

ඊට පස්‌සේ පුතා ඒ නාට්‍යයට ගියා?
ඔව්. අම්මයි මායි ඒ නාට්‍යයට ගියා. එතැනදී ඒ මාමලා මාව තෝරාගත්තා.

ඉස්‌කෝලේ යාළුවෝ මොකද කියන්නේ ?
ගොඩක්‌ දෙනෙක්‌ මට දැන් සිදූ කියලා තමයි කතා කරන්නේ.

පාරේ යනකොට අයියලා අක්‌කා එහෙම මොනවාද කියන්නේ ?
ගොඩක්‌ දෙනෙක්‌ හොඳ තමයි කියන්නේ. සමහරු නම් මට සිදූ කියලා කෑගහනවා. තවත් අය ඔයා නේද සිදූ කියලා අහනවා.

මුලින් දවසේ කැමරාව ඉස්‌සරහට ගියහම පුතා බයවුණාද?
අපොයි නැහැ. මම පොඩ්ඩක්‌වත් බයවුණේ නැහැ.

පොඩි හාමුදුරුවෝ මොනවාද කියන්නේ ?
පොඩි හාමුදුරුවෝ මගේ හොඳ යාළුවෙක්‌.

ඇත්තද පොඩි හාමුදුරුවෝ එක්‌ක රණ්‌ඩු කරනවා නේද?
අනේ නැහැ. මම කවදාකවත් පොඩි හාමුදුරුවෝ එක්‌ක රණ්‌ඩු සරුවල් කරන්නේ නැහැ.

හීන් බබා සීයා කතාන්දර කියලා දෙනවාද?
ෂූටින් ඉවරවුණ ගමන් අපි දුවන්නේ හීන් බබා සීයා ළඟට. එයා ලස්‌සන කතාන්දර කියා දෙනවා. යෝධයන්ගේ කතා තමයි ලස්‌සනටම කියලා දෙන්නේ.

ලොකු හාමුදුරුවෝ සැරයිද?
ටිකක්‌ විතර සැරයි.

ලොකු හාමුදුරුවෝ මොනවාද පුතාට කියන්නේ ?
ලොකු හාමුදුරුවෝ නම් අහන්නේ ඉස්‌කෝලේ විස්‌තර.

එතකොට අධ්‍යක්‍ෂ තිළිණ මාමා ?
තිළිණ මාමා කියලා දෙන දේවල් තමයි අපි කරන්නේ. එයා හරිම හොඳයි.

අම්මා තාත්තා පුතාගේ රඟපෑම් ගැන මොනවාද කියන්නේ ?
හොඳයි කියලා කියනවා. තාත්තා නම් රට ඉන්නේ. රට ඉඳලත් තාත්තා කතා කරනවා. තාත්තා හැමදාම රට ඉඳගෙන නාට්‍ය බලනවා. සමහර දවස්‌වලට තාත්තාට නාට්‍ය බලන්න බැරිවෙනවා කියලත් කියනවා. මේ පාර රට ඉඳන් ආවහම තාත්තා මට ටොපි චොකලට්‌, සෙල්ලම් බඩු ගොඩක්‌ ගෙනත් දුන්නා.

තාත්තා රට ගියේ කවදාද?
ගිය අවුරුද්දේ සැප්තැම්බර් 22 තමයි තාත්තා රට ගියේ.

සිදූ නාට්‍ය රඟපාන්න පුතා යන්නේ කා එක්‌කද?
අම්මයි, නංගියි එක්‌ක තමයි යන්නේ. පසුගිය දවස්‌වල තාත්තා ලංකාවට ඇවිත් හිටියා. එතකොට ගියේ තාත්තා එක්‌ක.

ඉස්‌කෝලේ වැඩිපුරම කැමැති විෂය එහෙම මොනවාද ?
විද්‍යාව සහ ගණිතය.

ඉස්‌කෝලේ ටීචර්ස්‌ලා මොනවාද පුතාට කියන්නේ ?
ගොඩක්‌ මට උදව් කරනවා. ඒ වගේම මම රඟපානවා හොඳයි කියලත් කියනවා.

ලොකු වුණහම කවුරු වෙන්නද කැමැති ?
විද්‍යාඥයෙක්‌ වෙන්න තමයි කැමැති.

පුතා දිගටම රඟපාන්න කැමැතිද?
ඔව්. මම ආසයි රඟපාන්න.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 November 2016 16:58