April 29, 2024

අමුතු ලිංගික ආශා ඇති සැමියා මැරූ ලාංකික වෛද්‍යවරිය නැවතත් කරළියට

November 28, 2016

ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ලාංකික වෛද්‍යවරයෙක්, වෛද්‍යවරියක්ම වූ ඇගේ බිරිඳ විසින් ඝාතනයට ලක් වූ බව පැවසුණු පුවතක් පසුගිය කාලයේ මෙරට මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක ලෙස පැතිරුණා.

බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ටන් හි ජීවත් වූ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරළ සහ වෛද්‍ය චාමරී ලියනගේ යන දෙදෙනා මෙම පුවතට සම්බන්ධ ලාංකික යුවල යි.

පරීක්ෂණ අවසානයේ සිය සැමියාගේ මරණයට චාමරී ලියනගේ මහත්මිය වගකිවයුතු බවට යි තීරණය වූයේ.

ඒ අනුව ඇයට ඔස්ට්‍රේලියාවේ සිරඳඩුවම් හිමි වුණා.

කෙසේ වෙතත් එකළ ප්‍රචාරය වූ පුවත්වල සඳහන් වූයේ වෛද්‍ය අතුකෝරළ යනු විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළුණු විකෘති ලිංගික ක්‍රියාකාරකම්වලට ඇබ්බැහි වූ තැනැත්තෙකු වූ බව යි.

එම නිසාම ඇගේ බිරිඳ වූ චාමරී දැඩි පීඩනයකට ලක්ව සිටි බව ද පැවසුණා.

මේ අතර වෛද්‍ය චාමරී ලියනගේ මහත්මියගේ සිර දඬුවම් කාලය ලබන වසරවන විට අවසන්වන බව වාර්තා වෙනවා.

සිර දඬුවම් නිම වීමෙන් පසු ඇයව ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීමට යි තීරණය වී ඇත්තේ.

නමුත් තමන් නැවත ශ්‍රී ලංකාව වෙත නොයවන ලෙස ඉල්ලමින් ඇය ඔස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වෙනවා.

තමන් වසර ගණනාවක් නින්දා අපහාස විඳිමින් දිවි ගෙවූ බවත්,  ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ ද මෙම සිද්ධිය බොහෝ සෙයින් ප්‍රසිද්ධ වූ බවත්, නැවත මවුරට බලා ගියහොත් තමන්ට බොහෝ සෙයින් කරදරකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඇය එම ලිපියෙන් පෙන්වා දෙනවා.

එම නිසා තමන්ගේ වීසා අවලංගු කර ලංකාවට යැවීම සිදු නොකරන ලෙස යි ඇය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් එම ලිපිය සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බවයි පැවසෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 November 2016 11:38