April 29, 2024

ලොවක් පුදුම කළ පුංචි DJ කොල්ලා (VIDEO)

America got talent යනු අමෙරිකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද අතිශයින් ජනප්‍රියත්වයට පත් රියැලිටි වැඩසටහනක්.

එක් හැකියාවකට පමණක් දක්ෂ පුද්ගලයින්ට සීමා නොවී විවිධ හැකියාවන් ඔස්සේ දක්ෂයෙකු තෝරාගැනීම එහි සිදුවනවා.

එම වැඩසටහනේ ආකෘතිය ගෙන දකුණු අප්‍රිකාවේ ආරම්භ වී ඇති SA’s Got Talent වැඩසටහනට පැමිණි සුවිශෙෂී තරගකරුවෙකු පිළිබඳව මේවන විට ලෝකයේ ම අවධානය යොමු වී තිබෙනවා.

ඔහුට එතරම් අවධානයක් ලැබීමට හේතු වී ඇත්තේ ඔහුගේ වයසට සාපේක්ෂව ඔහු පෙන්වන දස්කම පුදුමසහගත වීම යි.

ලොවක් වසඟයට ගත් ඔහුට තවමත් අවුරුදු 3ක්.

සිය පියා සමග තරගයට පැමිණෙන මෙම දරුවා DJ සංගීත ශිල්පියෙකු ලෙස ඉතා ඉහළ දස්කම් දක්වන්නේ මේ ආකාරයෙන්.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 November 2016 14:59