May 17, 2024

බීබර්ගෙන් රසිකයෙකුට පහරදීමක් - වීඩියෝව මෙන්න (VIDEO)

ලොව පුරා අතිශයින් ජනප්‍රිය අමෙරිකානු තාරකාවක්වන ජස්ටින් බීබර් නිරතුරුව පුවත් මවන චරිතයක්.

කුඩා වයසේදීම ගායන ක්ෂේත්‍රයට පිවිස සැණෙකින් ලොවම දන්නා නමක් හිමි කරගත් බීබර්, විවිධාකාර වූ කාරණාවන් හේතුවෙන් පසුගිය කාලය පුරාම කතාබහට ලක් වුණා.

කෙසේ නමුත් වයසින් තරුණ වෙද්දී ඔහුගේ හැසිරීම පිළිබඳව නම් ජාත්‍යන්තර වශයෙන්ම ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවෙයි.

තමන් පිළිබඳව ඇති අයහපත් ප්‍රතිරූපය තවත් වැඩි කරන ක්‍රියාවක් බීබර් විසින් සිදු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ ඉතාලියේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට ගමන් ගන්නා අතරතුර දී.

එරට බාසිලෝනා නුවර පැවැති ප්‍රසංගයට සහභාගීවීමට බීබර් පැමිණෙනතුරු ඔහුට ආදරය කරන රසික රසිකාවියන් මග දෙපස බලා හිඳ තිබෙනවා.

ඒ මොහොතේ තමන් වෙත ලංවූ රසිකයෙකු වෙත ඉතා දරුණු ආකාරයේ පහරදීමක් බීබර් විසින් සිදු කර ඇති අතර පහරකෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.

බීබර්ගේ මෙම හැසිරීමත් මාධ්‍ය සහ සමාජ ජාල තුළ දැඩි විවේචනයට ලක්ව ඇති අතර මෙම සිදුවීම ඒ මොහොත ආවරණය කළ කැමරාකරුවන්ට පටිගත කර ගැනීමට හැකි වුණා.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 November 2016 13:14