May 16, 2024

රණවිරුවෝ ස්ත්‍රී දූෂණය කළැයි කී කතාවට යුරේනිගෙන් වීඩියෝවක් (VIDEO)

තමන් විසින් සිදු නොකළ ප්‍රකාශයක්, ප්‍රකාශ කළ බව සඳහන් කරමින් සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය පුරා තමන්ට එරෙහි මඩ ව්‍යාපාරයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ජනප්‍රිය නිළියක් මෙන්ම නිවේදිකාවක් ද වන යුරේනි නොෂිකා පවසනවා.

ඇය මෙම අදහස් පළ කළේ සිය Facebook පිටුව ඔස්සේ සජීවී වීඩියෝවක් හරහා රසික රසිකාවියන් අමතමින්.

වීඩියෝව පහතින් > > >

මීට වසර දෙකකට පමණ පෙර "රාවය" පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව තමන් විසින් සිදු කළ ප්‍රකාශයක් විකෘති කර මෙලෙස ප්‍රචාරය කරමින් පවතින බව යි ඇය සඳහන් කරන්නේ.

මෙරට යුද හමුදාව යුදමයේ දී ස්ත්‍රී දූෂණ සිදු කළැයි තමන් චෝදනා කළ බව මෙළෙස පැතිරෙමින් පවතින බව ඇය පවසා සිටියා.

යුරේනි පවසන්නේ තමන් කිසිම විටෙක එවන් චෝදනාවක් සිදු නොකළ බව යි.

වීඩියෝව පහතින් > > >

යුද්ධ කරන්නේ දෙවිවරු නොව මිනිසුන් බැවින් මෙරට ඇතුළු ලොව පැවැති යුද්ධවල දී සහ පශ්චාත් යුද සමයන්හී දී යුද්ධකරන මිනිසුන් අතින් පොදු වැරදි සිදුවූ බවත් රජයක් විසින් කළ යුත්තේ ඔවුන්ගේ දුර්වලතා හඳුනා ගෙන ඔවුන් අතින් සිදුවූ පොදු වැරදිවලට නිසි ක්‍රියාමාර්ග ගැනීම බවත් තමන් එහි දී අදහස් කළ බව යි යුරේනි සඳහන් කර සිටියේ.

වෙබ් අඩවි සහ සමාජ ජාල පිටු ප්‍රසිද්ධ කරගැනීමට ඇතැමුන් මෙවැනි විකෘති පුවත් පළ කරන බව යි ඇය වැඩිදුරටත් පැවසුවේ.

සමාජ ජාලවල පැතිරෙන බොහෝ දෑ දුටු සැණින් පිළිගන්නත් එ්වා හරහා මිනිසුන් පිළිබඳ විනිශ්චය කිරීමටත් වර්තමානයේ දී බොහෝ දෙනා හුරුවී ඇති බව පැවසූ යුරේනි ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ එසේ සිදු නොකර විමසා බලන ලෙසයි.

වීඩියෝව පහතින් > > >

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 November 2016 11:33