May 16, 2024

පේෂල රටම බලා ඉද්දී අම්මා ළඟ හඬා වැටුණු හැටි (VIDEO)

ගායනයෙන් සහ වාදනයෙන් දස්කම් දක්වන පේෂල මනෝජ් මේවන විට මෙරට සියල්ලන්ම පාහේ හොඳින් හඳුණනවා.

නමුත් ඔහු සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය තුළ කතාබහට ලක් වන්නේ ඔහුගේ සංගීත හැකියාවන් හරහාම පමණක් නොවෙයි.

කාලයෙන් කාලයට පේෂල විසින් සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ, ඔහු පිළිබඳව උණුසුම් කතාබස් නිර්මාණය කිරීමට සමත්වනවා.

බොහෝ විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන පේෂල බොහෝ සෙයින් හැඟුම්බර වූ මොහොතක් පසුගිය දා වාර්තා වුණා.

ඒ දෙරණ නාළිකාව ඔස්සේ විකාශයවන "අම්මයි මමයි" වැඩසටහන අතරතුරේ.

සිය මැණියන් ළඟ සිටම මව්ගුණ පිළිබිඹුවන ගීයක් ගායනා කළ පේෂලට එම ගීතය අවසන් කරගැනීමට හැකියාව නොලැබුණේ ගීය ගයන අතරතුර ඔහු සංවේදී වීම නිසායි.

ගායනය නවතා සිය මව ලඟට ගොස් පේෂල හඬා වැටෙන අයුරු වැඩසටහන නැරඹූ සියළු දෙනාට දක්නට ලැබුණේ මේ ආකාරයෙන්.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)