May 16, 2024

අන්තවාදයට එරෙහි වූ ඩෑන්ට ඇපත් නෑ

"ඩෑන් ප්‍රියසාද්" යන නාමයෙන් Facebook සමාජ ජාලය තුළ පෙනී සිටින ලියනගේ අබේරත්න ප්‍රියසාද් නමැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි පුරා මහත් කතාබහක් ඇති වුණා.

මුස්ලිම් අන්තවාදයට සහ තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව Facebook ජාලය ඔස්සේ විවිධාකාරයෙන් හඬ නැගූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවේ ආගම් අතර භේද ඇති කරවන ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාව මත යි.

අදාළ සැකකරුට ඇප ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම්පත කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කළා.

සැකකරු විසින් මෙවැනි ප්‍රකාශ කිරීම මගින් ආගම් අතරේ අසමගියක් ඇති කිරීමට කටයුතු කර ඇති බවත් මෙවැනි ප්‍රකාශවලින් මහජන කැලඹීමක් ඇති විය හැකි බවත් පැවසූ මහෙස්ත්‍රාත්වරිය ඔහු වෙනුවෙන් ඉල්ලුම් කර තිබූ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළා.

ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 November 2016 14:12