May 17, 2024

මෛත්‍රී ඝාතනයට ගෙනා අධිබලැති කොටි බෝම්බයක් හමුවෙයි

November 23, 2016

මනම්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී අධිබලැති පැති බෝම්බයක් සොයාගැනීමට පොළොන්නරුව පොලීසියේ විශේෂ කාර්යංශය පෙරේදා (21) සමත් වුණා.

කෑගලු කොලනිය පුරාණ වැවට නුදුරින් පිහිටි අනවසර කුඹුරු ඉඩමක පිහිටි තුඹසක තිබී මෙම බෝම්බය සොයාගෙන ඇති අතර එහි බර කිලෝ ග්‍රෑම් පහක් පමණවන බව යි වාර්තා වන්නේ.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ දී ඔහුව ඝාතනය කිරීමට පැමිණි මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයන් දෙදෙනාගේ මහ මොළකරු විසින් මෙම බෝම්බය සඟවා තබන්නට ඇතැයි සැක කෙරෙනවා.

අදාළ කුඹුර අනවසරයෙන් වගා කරන සෙල්ලතම්බි අමරසිංහම් නමැති පුද්ගලයා අදාළ තුඹස උදැල්ලකින් පෑදීමේ දී මෙම බෝම්බය හමු වී ඇති අතර එය කොළ පැහැති පොලිතීන් කවරයක ඔතා තිබී තිබෙනවා.

යුද සමයේ දී මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනයට සැලසුම් කළ මරාගෙන මැරෙන LTTE ත්‍රස්තවාදියෙකු සයනයිඩ් ශරීරගත කරගෙන සිය දිවි නසා ගත්තා.

එම ත්‍රස්තවාදියා විසින් අධි බල පැති බෝම්බ දෙකක් ද රැගෙනවිත් ඇති අතර ඉන් එක් බෝම්බයක් බුද්ධි අංශ තොරතුරු මත සොයාගැනීමට සමත් වී තිබෙනවා.

නමුත් අනෙක් බෝම්බය සැඟවූ ස්ථානය දැන සිට ඇත්තේ සිය දිවි නසාගත් ත්‍රස්තවාදියා පමණයි.

එවකට එය සොයා කළ මෙහෙයුම් සාර්ථක නොවූ බවත් සොයාගත් බෝම්බය තිබී ඇත්තේ ද පෙරේදා බෝම්බය හමු වූ ස්ථානයට ආසන්න කැළෑවක පිහිටි තුඹසක් තුළ බවත් පොලීසිය පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 November 2016 12:42