May 16, 2024

පියුමි ජාත්‍යන්තරය ජයගනී (VIDEO)

නිරන්තරයෙන් සමාජ ජාල අවධානය නතුකර ගැනීමට සමත් චරිතයක්වන පියුමි හංසමාලී පිළිබඳව මේවන විට මෙරට සියළුම දෙනාම පාහේ හොඳින් දන්නවා.

ඇය පිළිබඳව වඩාත් කතාබහට ලක් වූයේ ඇගේ බව පැවසුණු ඡායාරූපයක් පිටවීමත් සමගයි.

ඉන් පසු ඇය වඩාත් ආන්දෝලනාත්මක වූයේ මෙරට විවාහක රූරැජින තේරීමේ තරගය අවසානයේ දී ජයග්‍රහණය නොලැබීම හේතුවෙන් කෝප වී වේදිකාවෙන් බැසයාම නිසා යි.

කෙසේ වෙතත් පසුව ඇය ජාත්‍යන්තර තරගයකට සහභාගී වුවත් ඉන් ඇයට හිමි වූයේ අවසාන ස්ථානයයි.

උත්සාහය අත නොහැරි පියුමි තවත් ඡාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගයකට සහභාගී වීම සඳහා තුර්කිය බලා ගියේ පසුගිය දා යි.

බොහෝ දෙනෙකු පැවසුවේ පෙර පරිදිම ඇයට ජයගැනීමට නොහැකිවනු ඇති බව යි.

එහෙත් Future Fashion Faces World 2016 තරගයේ විවාහක අංශයට සහභාගී වූ පියුමි ආසියාවේ හොඳම නිරූපණ ශිල්පිනියට හිමි ජයග්‍රහණය දිනාගැනීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා.

මෙම තරගය සඳහා රටවල් 50කින් පමණ නිරූපණ ශිල්පිණියන් සහභාගී වී ඇති බව යි පැවසෙන්නේ.

වීඩියෝව නැරඹීමට මෙතන ක්ලික් කරන්න > > > 

ඡායාරූප පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 November 2016 11:10