May 06, 2024

දියණියන් තිදෙනා දිනපතා දූෂණය කළ පියාට මව සහ ආච්චිත් උදව් කරලා

November 02, 2016

සිය දියණියන් තිදෙනා කුඩා කාලයේ සිටම ඔවුන්ව දූෂණය කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලීසිය සමත් වී තිබෙනවා.

අදාළ පියා ගොළු තැනැත්තෙකුවන අතර දියණියන්ගේ මව ද ගොළු කාන්තාවක් බව යි පැවසෙන්නේ.

මෙම දිගුකාලීන අපරාධයට දරුවන්ගේ මිත්තණිය සහ මව ද අනුබල දී ඇති බව ද වාර්තා වෙනවා.

දියණියන් තිදෙනා අවුරුදු 21, 18 සහ 16 යන වයස්වල පසුවන්නන්.

සිය පියා දිනපතාම රාත්‍රී කාලයේ තමන් නිදා සිටින ස්ථානවලට පැමිණ තමන් සමග ලිංගිකව හැසිරෙන බවත් ඒ බව සිය මවට සහ මිත්තණියට දැන්වූවත් ඔවුන් එය ගණනකට නොගෙන සිටි බවත් මෙම දැරියන් පවසි තිබෙනවා.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ පියාගේ පහත් ආශාවන්වලට දියණියන් විරෝධය පළ කරන ලද අවස්ථාවල දී ඔහු විසින් දැරියන්ට පහර දී ඇති බව යි.

දැරියන්ගේ පියා සහ මිත්තණිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අධිකරණය නියෝග කර ඇති අතර දැරියන්ගේ මව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.

16 හැවිරිදි බාල වයස්කාර දියණිය හැර අනෙක් දියණියන් දෙදෙනාම රැකියාවල ද නියුතුවන බව යි පැවසෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 November 2016 09:52