May 06, 2024

රෑ පුරා කෙල්ලෝ කොල්ලෝ මත් කළ බීච් පාටි 2ක් වැටලූ හැටි

November 01, 2016

ජා-ඇළ සහ උණවටුන ප්‍රදේශවල පැවැත්වුණු වෙරළ සාද දෙකක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය ක්‍රියා කර තිබෙනවා.

මෙම වැටලීම් මගින් 5දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව යි වාර්තා වන්නේ.

දිපවාලී දින රාත්‍රියේ පවත්වා ඇති මෙම වෙරළ සාද දෙක සංවිධානය කර ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු විසින්.

ඉන් එක් කාන්තාවක් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි අයෙක්.

එමෙන්ම අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දියණියන් ද සාදයේ මත්පැන් අලෙවි කිරීමට යොදවා තිබූ බව සඳහන්.

ජා-ඇළ වෙරළ සාදය වැටලීමේ දී තරුණ තරුණියන් 1000කට අධික පිරිසක් එහි සිට ඇති අතර උණවටුන වෙරළ සාදයට පැමිණ සිටි ගණන 1200ක් පමණවන බව යි පැවසෙන්නේ.

වැටලීම්වලින් මත්පැන් බෝතල් 400කට අධික ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)