May 04, 2024

කවීෂා මියගියේ කෙසේද? නිළියක් පැහැදිලි කරයි: ෆේස්බුක් වීඩියෝව මෙන්න (VIDEO)

පසුගිය දා රියඅනතුරකට ලක් වී ජීවිතක්ෂයට පත් වූ රංගන ශිල්පිණී කවීෂා අයේෂානී පිළිබඳව මේවන විට පළවන "ගොසිප්" වාර්තා සත්‍ය නොවන බව රංගන ශිල්පිනී මහේෂී මධුසංඛා පවසනවා.

ඇය මේ අදහස් පළ කළේ Facebook ඔස්සේ සජීවී වීඩියෝවක් ලෙස සිය රසික රසිකාවියන් අමතමින්.

කවීෂා රිය අනතුරට ලක් වූයේ සාදයකට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර දී යැයි විවිධ තොරතුරු පැතිරෙන බව පැවසූ ඇය එම තොරතුරු ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම මියගිය කවීෂාට අගෞරවවන පරිදි බොහෝ පිරිස් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ  අදහස් පළ කරන බවට ඇය චෝදනා නැගුවා.

එසේ සිදු නොකරන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටි මහේෂි වැඩිදුරටත් පැවසූවේ අනතුර සිදුවන අවස්ථාවේ දී කවීෂාගේ රථය තුළ තවත් කෙනෙකු සිටි බවට ද මත පළවන බව යි.

එය ද ප්‍රතික්ෂේප කරමින් මහේෂි අවධාරණය කළේ ඒ මොහොතේ සිදු වූයේ කුමත් ද යන්න පිළිබඳව හරිහැටි දන්නේ කවීෂාම පමණක් බව යි.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(8 votes)
Last modified on Wednesday, 19 October 2016 10:57